brand logo

ගෝඨා ඝාතනය කරන්න ආ පාතාලයා විෂ එන්නත් කර මරන්න හදයි

24 January 2020

  පසුගිය ජනාධිපතිවරණයට ආසන්න කාල සීමාවේදී එවකට ජනාධිපති ධුර අපේක්ෂකයකු වූ වර්තමාන ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට දෙමළ ඩයස්පෝරාව විසින් යොදාගත් පාතාල කල්ලි සාමාජික විදුරංග හෙවත් විත්තා අද(24) පස්වරු 2 ට පමණ කොළඹ රිමාන්ඩ් භන්ධනාගාරයේදී ඝාතනය කිරීමට තැත් කර ඇත. සයිනයිට් එන්නත් කර සැකකරු ඝතනය කිරීමට උත්සහා කර ඇතත් ඉන්ජෙක්සන් කටුව කැඩි යාම හේතුවෙන් ඝාතන තැත ව්‍යර්ථ වී ඇත. අද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රෙකෝඩ් රූම් එක අසලදී ඩොරී ලෙස හදුන්වන පාතාල සාමාජිකයා විසින් සයිනට් පිරවූ සිරින්ජරයෙන් සැකකරුගේ තට්ටම් ප්‍රෙද්ශයට ඇන ඇති අතර එහිදී ඉන්ජෙක්සන් කටුව කැඩී ගොස් ඇත. පසුගිය ජනාධිපතිවරණයට ආසන්න කාලෙයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට දෙමළ ඩයස්පෝරාව සැලසුම් කර ඇති බව හා එය එලි.ටී.ටී.ඊය යොදගෙන කිරීමට නොහැකි වීම නිසා මෙරට පාතාලය යොදා එය සාර්ථක කර ගැනීමට සැලසුම් කර තිබුණු බව රාජ්‍ය ඔත්තු සේවය හා හමුදා බුද්ධි අංශය තහවුරු කර ගෙන තිබුණි. ඒ අනුව සැකපිට මෙරට පාතාල කල්ලි සාමාජිකයන් වන මේන්දන් හා විදුරංග හෙවත් විත්තා අත්අඩංගුවට ගෙන තිබුණි. විදුරංග හෙවත් විත්තා මෙරට ප්‍රබල පාතාල කල්ලි ලෙස හඳුන්වන මාකදුරේ මධුෂ්ගේ කල්ලියේ හා සමයන්ගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයකු ලෙස සිටියකු ලෙස සැලකේ. වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා විත්තා මෙපණ කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටි අතර අධිකරණ නියෝග මත අද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙනවිත් ඇත. ඝාතන සැලැස්ම ක්‍රියාත්මකව ඇත්තේ එහිදීයී. විත්තා ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ කොළඹ තවත් පාතාල කල්ලි නායකයකු වන කුඩු සෙල්වි ගේ පුතුන් දෙදෙනා බවට අනාවරනය වී අත. කුඩුසෙල්වි ගේ පුතුන් දෙදෙනාම මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා ඇති අතර මොවුන් මාකඳුරේ මධුෂ් හා එල්.ටී.ටී.ඊිය සමග සමීප සම්බන්ධතා ඇති බවටද තහවුරු වී ඇත. කුඩු සෙල්වීගේ පුතුන් විත්තා ඝාතනය කිරීම සඳහා ඩොරි යොදාගෙන ඇත. මේ වන වට විදුරංග හෙවත් විත්තා මහර බන්ධනාගාරයට මාරු කර යවා ඇති අතර මෙම ඝාතන කුමන්ත්‍රණය පිටු පස බන්ධනාගාර ඉහළ නිලධාරියකු සිටිය හැකි බවට සැක කරයි. ඒ විත්තා පිළිබඳ අවධානයෙන් පසු වෙන්නැයි හමුදා බුද්ධි අංශ බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දී ඇති පසුබිමක ඔහු ඝාතනය කිරීමට උත්සාහා කීරීම නිසයි.
 

More News..