brand logo

ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප

10 September 2018

ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනකුට  අද (10) විශේෂ මහාධිකරණය විසින් අධි චෝදනාපත්‍ර ගොනු කරනු  ලැබු අතර  රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප හා  ලක්ෂ 10 ක් බැගින් ශරීර ඇප මත චූදිතයන් මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරිමටද නියෝග කරන ලදි. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම  නියෝගය නිකුත් කෙරිණි. නඩුව යළි කැඳවන ඔක්තෝබර් 9 වැනිදා  නඩුවට එරෙහිව මූලික විරෝධතාවක් ගොනු කිරීමට  නියමිත බව අද පැවැති නඩු විභාගයේදී  ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා  විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේය. ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කැදවූ දෙවැනි නඩුව මෙයවේ. මේ අතර සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද විශේෂ මහාධිකරණයට පැමිණ සිටියේය.  
 

More News..