brand logo

ගෝඨා අනුරාධපුරයේ සිට මහනුවර දක්වා ගමන් අරඹයි

13 August 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ අනුරාධපුරයේ සිට මහනුවර බලා ගමන් ආරම්භ කර තිබේ. අනුරාධපුර මාතලේ හන්දියෙන් ගමන් ආරම්භ කෙරුණි අතර ගල්කුළම හන්දිය, තිරප්පනේහන්දිය, මරදන්කඩවල, කැකිරාව, මඩාටුගම, මාතලේබුලාගල හන්දිය, දඹුල්ල නගරය හා නාඋල යන ස්ථානවල ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සව සංවිධානය කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පිළිගැනීම සදහා ජනතාව විශාල වශයෙන් මග දෙපස රැස්වෙමින් සිටින බව අප වාර්තාකරුවන් සදහන් කළේය.
 

More News..