brand logo

ගෝඨාභය 60%කට වඩා ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටිනවා - මහින්දානන්ද

07 November 2019

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට කරන ලද සමික්ෂණයන්ට අනුව 60% වඩා ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ‌ කියා සිටියේ අද (07) නාවලපිටිය මහින්දානන්ද පදනම් ආයතනයේ පවැති මාධ්‍යය හමුවකදිය. මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ බුද්ධි අංශ වල තොරතුරු සහ සමික්ෂණ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 60% වඩා ඉහල ප්‍රතිශතයක ඉන්නවා, එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බරපතල පරාජයකට පත් වෙමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂය මඩ ප්‍රහාරය සිදු කිරිමට මුදල් වැය කරමින් සිටිනවා, 21 ප්‍රහාරයට මුල් වුන නායකයා සහරාන්ගේ බිරිදගෙන් විශේෂ ප්‍රකාශයක් කරලා විඩියෝවක් හදලා 13 වෙනිදා රැට දාන්න සැලසුම් කරලා තියෙනවා, එකෙන් කියන්න උත්සහ කරනවා සහරාන් ගෝඨාභය රාජපක්ෂ මහතා , මහින්ද රාජපක්ෂ මහතා සමග සම්බන්ධතා තිබුණා කියලා. හිස්බුල්ලා මහතා කියලා තිබුණා දෙවන මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙනා කියලා,අපිට කිසිදු දෙවන මනාපයක් අවශ්‍යය නැ , ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලිවම කිව්වා 21 ප්‍රහාරයට සම්බන්ධ කිසි කෙනෙකුගේ සහය මේ මැතිවරණයට අවශ්‍යය නැ කියනා එක. රාධා ක්‍රිෂ්ණන් අමාත්‍යයවරයා කියලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වලු සුළු ජාතින්ගේ සහය ඕනි නැ කියලා ප්‍රකාශයක් කරා කියලා, එතුමා කිසිදු එවැනි ප්‍රකාශයක් කරලා නැ. පසුගිය ජනාධිපතිවරණයේ උතුරේ සහ වතුකරයේ සුළු ජාතික ජන්ද මේ රජය බලයට එන්න ලබා දුන්නා. උතුරට දේශපාලන විසදුම් දුන්නෙත් නැ , වතුකරයේ ජනතාවගේ වැටුප වැඩි කලෙත් නැ,එ නිසා උතුරෙත් වතුකරයෙත් ජනතාවගේ ජන්දය මේවර ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන්න සුදානම් වෙලා සිටින අවස්තාවක,එ ජනතාවගේ මතය වෙනස් කිරිම සදහා තමයි රාධාක්‍රිෂ්ණන් අමාත්‍යයවරයා මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරා අටේ එකිය භාවයට අහිතකර කිසිදු ගිවිසුමකට අපේ රජයක් යටතේ ඉඩ දෙන්නේ නැ කියලා, එම් සි සි ගිවිසුම ඉතාමත් බරපතල ගිවිසුමක්, මේක ඉතාමත් අවධානම් තත්වයක්. මහින්ද රාජපක්ෂ මහාගේ කාලයේ , ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කල කාලයේ , අපි මේ රටේ එකියභාවට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කරලා නැ, ගිනිගත්හේන ප්‍රදේශයේ සිදු වු සිදුවිම සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා, ගෝඨාභය රාජපක්ෂ මහතා නිතියේ අධිපත්‍යය ගැන කතා කරනවා එ නිසා එතුමාගේ මැතිවරණයට නායකත්වය දෙන සැම නායකයෙක්ම සැලකිලිමත් වෙන්න ඕනි, මොකද එතුමාගේ වැඩ පිලිවෙලට සහයෝගය ලබා දෙන්නෙ. එහෙම නැත්නම් එ අයට මැතිවරණ ව්‍යාපාරයේ ඉන්න අමාරුයි, මේ සිද්ධිය ගෝඨාබය රාජපක්ෂ මහතාට අරංචි වෙලා තියෙනවා, එම සිද්ධිය සිදු වුණ ගමන්ම එම ආරක්ෂක නිලධාරින්ට එ වෙලාවෙම අධිකරණය ඉදිරිපත් කරලා තියෙනවා, නිතිය එ වෙලාවෙම එතුමා ඉදිරිපත් කරලා තියෙනවා. මේ වෙනකොට පොලිසිය එ පිලිබදව පරික්ෂණ පවත්වගෙන යනවා, ගරු අමාත්‍යවරයාගෙත් මේ සිද්ධියට සම්බන්ධයක් තිබෙනවානම් එ පිලිබදව පක්ෂය දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. උතුරේ ජනතාව තිරණය කරලා ඉවරයි මේ මැතිවරණය වර්ජනය කරන්න ඕනි කියලා, හැබැයි ටි එන් ඒ පක්ෂය විතරක් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන්න සුදානම් වෙලා ඉන්නවා, මේ තින්දුව ගැන උතුරේ මහ ඇමතිවරයා කියන්නේ මොකක්ද? ටි එන් ඒ එක මුදල් අරගෙන එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන්නා කියලා, එකට මින්ස්සු දුන් ප්‍රතිචාරය මොකක්ද? සෙරප්පුවකින් ගැහුවා සම්බන්ධන් මහතාගේ වාහනයට. පසුගියදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පසුගිය දා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරුකිමේ සමුළුවක් පවත්වනවා, අත ලකුණ දලා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කවදාවත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන්නේ නැ, එදා එ සමුළුවට වැඩි පුරම ආවේ කවුද රාජිත සේනාරත්න කළුතරින් එවපු පිරිස. කවුද මේකට සහභාගි වුනේ ජන්ද පහක්වත් ගන්න බැරි අතාවුද සේනවිරත්න මහතා , මේ අයගේ සංවිධායක ධුර දැන් නැ. යනුවෙන් පැවසිය.
 

More News..