brand logo

ගෝඨාභය රාජපක්ෂ සමගින් කළා කරුවෝ පෙළ ගැසෙති

13 August 2019

ගෝඨාභය රාජපක්ෂ යනු මේ මොහොතේ රට ඉල්ලා සිටින නායකත්වය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් ව පසු එතුමා කළ කතාව මගින් නැවත තහවුරු වන බැව් නිදහස් කලා සංධානයේ සභාපති සුදත් රෝහණ පවසයි. ඵලදායී පුරවැසියෙක්,සතුටින් ජිවත්වන පවුලක්,විනයගරුක සමාජයක් හා සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීම ස්වකිය අරමුණ ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශය ගැන සමස්ත සමාජයම විශේෂ අවධානයක් යොමුකළ යුතුව තියනවා.පවුල් ඒකකය පදනම් කරගනිමින් ආර්ථික සංවර්ධනය හා සමගාමී සමාජ සංවර්ධනයක් ඇතිකිරීමේ අවශ්‍යතාවය වෙනවා. කලාව ආදී සංස්කෘතික සාධක රඳා පවතින්නේත් සමස්ත සමාජයේම ස්ථාවරත්වය රඳා පවතින්නේත් සතුටින් ජිවත්වන විනයගරුක පවුල් සංස්ථාවක් මත පදනම් වූ සමාජයක ය. එය වටහාගත් නායකයකු පහළවීම පිළිබඳ කලාකරුවන් වශයෙන් අපි සැබවින්ම සතුටට පත්වනවා. ගෝඨාභය රාජපක්ෂ නම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ප්‍රකාශවීමත් සමඟ ඇතැමෙක් කලබල වී සිටිති. ඒ කවුරුන්ද යන්න ජනතාව විමසිල්ලෙන් බැලිය යුතුය. මේ කලබල වී සිටින්නේ අසාර්ථක දේශපාලකයන්,විජාතික කොන්ත්‍රාත්කරුවන්,බෙදුම්වාදීන්,දුරාචාර චින්තකයන්,එන්.ජී.ඕ කුලී කාරයන්ය. ස්ථාවර ව තිබු රට අස්ථාවර කර විනාශකළේ ඔවුන්ය. නැවත රට ගොඩනැගෙන්නට වෙරදරන මොහොතේ එයට අකුල් හෙලන්නේ ඔවුන් බව අපි ප්‍රකාශ කරන්න කැමැතියි. සමහර පිරිස් කලබලවෙලා. ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා වීම නිසැක බව ඔවුන් දන්නවා.ගෝඨාභය රාජපක්ෂ වැනි දේශ ප්‍රේමයක් සහ නව දැක්මක් සහිත කාර්යශුර නායකයකුගේ පාලනයක් තුළ නැවත බෙදුම්වාදයට,පරගැතිභාවයට, දුරාචාරවාදයට හා දුගී දුප්පත් භාවයට ඉඩක් නොමැති බව ජනතාව රටම දන්නවා.මේ දේශපාලන සහරාන් ලා තමන් ගේ දේශපාලන අනාගත පැවැත්ම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අවසන් සටනටය මේ සැරසී සිටින බැව් නිදහස් කලා සංධානයේ සභාපති සුදත් රෝහණ පවසයි. නිමල් අල්ගෙවත්ත
 

More News..