brand logo

ගෝඨාභය දළදා සමිඳුන් වැඳපුදා ගනී

14 August 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද (14) උදෑසන මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැදපුදා ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගොස් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැක ආශිර්වාද ලබාගත් බව අප වාර්තා සදහන් කළේය. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අස්ගිරි මහා විහාරය වෙත ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. අනුරාධපුරයේ ඊයේ දිනයේ ජයශ්‍රීමහාබෝධින් වහන්සේ වැදපුදා ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මහනුවර වෙත පැමිණියේය. මහනුවරදී ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබූ බව අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..