brand logo

ගෝඨාභය එයි කියන බවට එන්ජීඕ නඩය බොරු නඩු දානවා

01 October 2019

මැතිවරණ සටන්බිමේදී තරගයක් බලාපොරොත්තු වුවත් ගෝඨාභය රාජපක්ෂට ඇති බිය නිසා ඡන්ද සටනක් නොකර කල්තියාම පදනමක් නැති නඩු දමා වැරදි මතයක් සමාජගත කරන්නට යූඑන්පීය ප්‍රමුඛ එන්ජීඕ නඩය උත්සාහ ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසීය. මෙරට පාවෙන ඡන්ද දායකයන් දිනා ගැනීමේ අරමුණින් බොරු නඩු දමා ගෝඨාභය රාජපක්ෂ වෙත ඇති ජනතා කැමැත්ත තමන් වෙත අද්දවා ගන්නට ඔවුන් උත්සාහ ගන්නා බවද විමල් වීරවංශ කෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. ‘‘යුක්තිය, සාධාරණය තියෙන්නේ අපේ පැත්තේ නිසා අපේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ නියත වශයෙන්ම මැතිවරණයට එනවා පමණක් නෙවෙයි, නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා’‘ යැයිද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසීය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..