brand logo

ගෝඨාභය ඇතුළු හත්දෙනාට එරෙහි නඩු විභාගය ජූනි 19 සිට ඇරඹෙයි

23 May 2019

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ජුනි මස 19 වනදා සිට විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද දින නියම කළේය. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 04 දෙනෙකුට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසටයි සිතාසි නිකුත් කර ඇත. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට යාමට අධිකරණය අද (23) අවසර ලබා දුණි. ඒ අනුව හෙට (24) සිට ලබන මස 02 වනදා දක්වා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමට අධිකරණය අවසර ලබාදී තිබේ.
 

More News..