brand logo

ගෝඨාභය අභියාචනාධිකරණයට ගොනුකළ පෙත්සම් විභාගයට නොගෙනම ඉවතට

18 June 2019

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩුව විශේෂ මහාධිකරණය යටතේ විභාගයට ගැනීමට එරෙහිව ඔහු අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම් 02ක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කර ඇත. මෙම නඩුවට අදාළව ගොනුකල මූලික විරෝධතා විශේෂ මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස රීට් ආඥා පෙත්සමක් සහ ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළේය. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයට අයත් රුපියල් තුන්කෝටි තිස් නව ලක්ෂයක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ මහාධිකරණය හමුවේ මෙම නඩු පවරා ඇත.
 

More News..