brand logo

ගෝඨාට සජිත් අභියෝගයක් නෙමෙයි

29 September 2019

ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්සත් ජාතික පක්ෂයෙ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අභියෝගයක් නොවන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. ඊයේ (28) දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අපිට කිසිදු අභියෝගයක් නැ සජිත් ප්‍රේමදාස මහතා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට එනකොට කියන දේ නෙවෙයි ඇවිල්ලා කරන්නේ. එක්සත් ජාතික පක්ෂය ඇතුලේම අර්බුද රැසක් තියෙනවා. එදා ඉදන්ම එක්සත් ජාතික පක්ෂය ඇතුලේ බෙදිමක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරිමේ කොන්ත්‍රාත්තුව එක්සත් ජාතික පක්ෂය ඇතුලින්ම භාරගෙන තියෙනවා යනුවෙන්ය.
 

More News..