brand logo

ගෝඨාට රට යන්න මාසයකට අවසර

09 November 2018

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා විදෙස් ගතවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද අවසර ලබා දුන්නා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා කළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුවයි. විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය මේ වන විට අධිකරණය භාරයේ ඇති අතර එය ඔහුට ලබාදීමට ද නියෝග කළ විනිසුරු මඬුල්ල, විදේශ ගමන් තහනම අදාළ කාලසීමාව සඳහා තාවකාලිකව ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසට ද නියෝග කර තිබෙනවා. ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා. මෙම නඩුව ලබන 27 වැනි දා යළි කැඳවීමට නියමිතයි.
 

More News..