brand logo

ගෝඨාට එරෙහිව අමෙරිකාවේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට පැමිණිලි 10යි

27 June 2019

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට පැමිණිලි 10ක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අදාල පෙත්සම් ඊයේ (26) දිනයේදී ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර අදාල පැමිණිලි 10 ඉදිරිපත් කළ පුද්ගලයින් අතර දෙමළ ජාතිකයින් 08 දෙනෙකු සහ සිංහල ජාතිකයින් දෙදෙනෙකු සිටින බවත් ඒ අතර කාන්තාවන් තිදෙනෙකු සිටින බවත් එම වාර්තාවල සදහන් වෙයි. ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය නම් නීති සමාගමක් සමග එක්ව මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර 2005 – 2015 අතර කාලයේ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සිදු වූ බව කියන සිදුවිම් කිහිපයක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පැමිණිලි ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.
 

More News..