brand logo

ගෝඨාගේ මුලික විරෝධතා සම්බන්ධ තීන්දුව පෙබ.11 වෙනිදා

31 January 2019

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනා ගොනු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය ලබන මස 11 වනදා ලබා දෙන බව අධිකරණය අද දැනුම් දී ඇත. හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මෙම නඩුව විභාගයට ගැනීමට අධිකරණයට පවතින බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේ පසුගිය 22 වනදා වන අතර මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද සිට දිනපතා විභාගයට ගැනෙන බව සඳහන් වෙයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා අද පෙරවරුවේ මෙම නඩුව සඳහා පෙනී සිටීමට අධිකරණයට පැමිණ සිට ඇත.
 

More News..