brand logo

ගෝඨාගේ පුරවැසිභාවය ගැන ව්‍යාජ වීඩියෝවක්

15 November 2019

පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබු වීඩියෝව ව්‍යාජ එකක් බව අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය මෙරය මාධ්‍යට තහවුරු කළාය මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සැරිසරන තවත් නිවේදනයක්ද ව්‍යාජව සකස් කළ එකක් බව අප අමෙරිකානු නීති දෙපාර්තතෙම්න්තුවෙන් කළ විමසීමකදී තහවුරු ‌කෙරිණ. එම වීඩියෝව ව්‍යාජ ලෙස හඬ කවා අර්ථ විකෘති කර සකස් කළ එකක් බව ෙමරට අෙමරිකානු තානාපති ප්‍රකාශිකාව වන නැන්සි වැන්හෝන් මහත්මිය සඳහන් කරයි. එමෙන්ම ඇය වැඩිදුරටත් කියා ඇත්තේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2019 වසරේ ජූලි මස 09 වනදා පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශිකා මෝගන් ඔටේගස් විසින් නිකුත් කළ මෙම ප්‍රකාශය ව්‍යාජ ලෙස හඬ කවා විකෘති කර ඇති බවය. මෙම වීඩියෝව ව්‍යාජ වීඩියෝවක් බව තවදුරටත් තහවුරු වන්නේ වර්ණද ව්‍යාජ ලෙස වෙනස් කර ඇති බැවින් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අමෙරිකානු නීති දොපර්තමේන්තුව විසින් නිකුත් කළ බව පැවසෙන ව්‍යාජ ලිපියක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යයි. මෙම ලිපියද ව්‍යාජ ලිපියක් බව අමෙරිකානු නීති දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත. එමෙන්ම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ නොවැම්බර් 11 වන දිනය අමෙරිකාවේ රාජ්‍ය නිවාඩු දිනයක් වන බැවින් එවැනි ලිපියක් කිසිසේත් නිකුත් විය නොහැකි බවයි. https://youtu.be/QBsAAb36-kc
 

More News..