brand logo

ගෝඨාගේ ඡන්ද සටන බැසිල් කරට ගනී

23 March 2019

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධුර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ලබා දීමට තීරණය කිරීමත් සමග එම මැතිවරණයේ මෙහෙයුම් කටයුතු හිටපු අැමැති බැසිල් රාජපක්ෂට පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වීමෙන් පසු මාස දහතුනක් වැනි කෙටි කාලයක් ඇතුළත දී තම පක්ෂයක් ආරම්භ කර මැතිවරණයකට මුහුණ දී විශිෂ්ට ජයග්‍රහණයක් බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් ලබා ගත්තේය. පළාත් පාලන ආයතන 340 න් 231 ක බලයක් බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත්තේය. 2005 මහින්ද රාජපක්ෂ බලයට පත් වූ පසු මේ දක්වා පැවති මැතිවරණ 13 න් 12 කම මෙහෙයුම් කටයුතු භාරව කටයුතු කළේ බැසිල් රාජපක්ෂ වන අතර ඉන් 11 ක්ම ජයග්‍රහණය කළේ ය. ඒ අනුව 2010 ජනාධිපතිවරණය, 2010 මහ මැතිවරණ්‍ය. 2008, 2009, 2012, 2014 වර්ෂවල පැවති පළාත් සභා මැතිවරණ හා 2006, 2011 හා 2018 වර්ෂවල පැවැති පළාත් පාලන මැතිවරණ භාරව කටයුතු කර ඇත්තේ ද බැසිල් රාජපක්ෂය.
 

More News..