brand logo

ගොවි සංවිධාන තීරණ අරන් ජලය බෙදාගන්න

27 March 2020

කන්න රැස්වීම් පවත්වන තෙක් ගොවි සංවිධාන කාරක සභා විසින් ජලය බෙදා හැරීම සඳහා තීරණ ගෙන වගා කටයුතු ආරම්භ කළ යුතු බව කෘෂිකර්ම වාර්මාරිග අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර පවසයි. එසේ ජලය ලබාගන්නේ යල කන්නයේ වගා කටයුතු සඳහා ය. ප්‍රධාන ජල පාලක කමිටු රැස්වීම් පවත්වන තෙක් මහවැලි කොට්ඨාස සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වල තීරණ අනු යල කන්නයේ වගා කටයුතු ආරම්භ කළ යුතු බවද අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරයි. ඇඳිරි නීතිය පැවැත්වෙන කාල සීමාව තුළ කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම පිළිබඳව පොලිසිය සහ කෘෂිකර්ම නිලධාරින් දැනුවත් කර ඇති බවද ඔහු අවධාරණය කර සිටියි. මෙම කාලය තුළ වගා කටයුතු සඳහා අවශ්‍ය රසායනික සහ කාබනික පොහොර බීජ වර්ග, කෘෂි උපකරණ බාධාවකින් තොරව ප්‍රවාහනය කිරීමටද අවස්ථාව ලබා දී ඇති බව ඔහු සඳහන් කරයි. තවද ඇතැම් ප්‍රදේශවල වී මිලදී ගැනීමේ කටයුතු තවමත් සිදු කරන බැවින් වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘත කර තැබිය යුතු බවද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.   උදයජීව ඒකනායක
 

More News..