brand logo

ගොවි ජනතාව සදහා විශේෂ ණය යෝජනා ක්‍රමයක්

30 April 2020

මහජන බැංකුව විසින් ගොවි ජනතාව සදහා සහනදායි ලෙස මූල්‍ය පහසුකම් යටතේ "අස්වැන්න" විශේෂ ණය යෝජනා ක්‍රමයක් ලබන සතියේ දී හදුන්වා දීමට පියවර ගෙන ඇතැයි අද (30) කැබිනට් දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ යටතේ නිශ්චිත බෝග වගාවන් සිදු කෙරෙන ගොවින් සඳහා ලක්ෂ 30 දක්වා ණයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම පොකුරු ගම්මාන 200ක් ඇති කර අපනයනය පෙරදැරි කරමින් නිෂ්පාදන මිල නංවමින් ගොවියාට සාධාරණ මිලකට ලබා ගැනීම සඳහා සිල්ලර වෙළඳසැල් 200ක් ද ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබිණි. ඒ ය⁣ටතේ හෙළ ඔසුව වැනි වසවිසෙන් තොරව බෝග වගාවන් සඳහා හෙක්ටයාර් 10000 වගා කිරිමටත් ,හරිත උයන් 50, ඇති කිරිමටත්, සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් නිසිලෙස ආරම්භ කිරීම සඳහා ණය සහන ලබා දීමටත් කෘෂිකර්ම ඇමති චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ (29) අනුමැතිය ලැබිණි. එසේම සතොස වී මෝල් හා සමුපකා⁣ර සතු වීමෝල් නැවත ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට අවධායන යොමුව ඇතැයි කැබිනට් ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
 

More News..