brand logo

ගොඩ වෙදකමින් දැන් වැඩක් නැහැ අවශ්‍ය වෙදකම කරලා ඉවරයි

24 February 2020

ඇතැම් පාර්ශව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන් කිරිමට උත්සහ දැරුවද එය කිසි දිනක සාර්ථක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. ගම්වල ඇතැමුන් ශ්‍රී ලංකා සහ පොහොට්ටුව ලෙස ඛෙදි වෙන්ව ඇති බවයි වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ. ගමේ වෙදුන් කුමක් කිව්වද අවශ්‍ය වෙදකම සිදුකර අවසන් බවද ඔහු ප්‍රකාශ කළේය. නව සන්ධානය සහ එහි නායකයින් පත්කර අවසන් බැවින් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ජාතික මට්ටමේ පවතින නව සන්ධානයේ දේශපාලනය ගම තුල ද නිර්මානය කළ යුතු බවයි වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ.
 

More News..