brand logo

ගොඩනැගිලි අනුමැතිය සොයන්න බලකායක්

22 September 2020

පසුගිය දශක දෙක හෝ ඊට වැඩි කාලයකදී රට පුරා ඉදිකරන ලද ගොඩනැගිලි වෙනුවෙන් නිසි පූර්ව අනුමැතිය ලබාගෙන තිබේද යන්න සලකා බැලීමට වහාම කාර්ය සාධක බළකායක් පත්කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. පෙරේදා (20 වැනිදා) මහනුවර බූවැලිකඩදී ගොඩනැගිල්ලක් කඩා වැටී තිදෙනකු මියයෑමේ සිදුවීම පදනම් කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඊයේ (21 වැනිදා) ලිපියක් යොමු කරමින් එම සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මෙම ඉල්ලීම් කර තිබේ. එම ලිපියෙන් නීතිඥ සංගමය මෙසේද සඳහන් කර ඇත. ‘‘මියගිය කාන්තාව අපගේ සංගමයේ සාමාජිකාවක්. පුද්ගලයකුගේ ස්ථාවරය මත මිනිස් ජීවිතයේ වටිනාකම තක්සේරු කළ නොහැක. මීට වසර කිහිපයකට පෙර වැල්ලවත්ත ප්‍රදේශයේදී ගොඩනැගිල්ලක් කඩාවැටී මෙවැනිම අනතුරක් සිදුවිය. එවැනි අනතුරක් සිදුවූ අවස්ථාවේදී පමණක් රාජ්‍ය බලධාරීන් උද්‍යෝගයෙන් පසු වුවද පසුව ඒ වෙනුවෙන් ගෙන ඇති අර්ථවත් ක්‍රියාමාර්ග නොමැත. එහෙයින් වහාම ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කර නිසි අනුමැතීන්ට පටහැනිව ඉදිකර ඇති ඕනෑම ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට එකී කාර්ය සාධක බළකායට බලය ලබාදෙන ලෙසද ඉල්ලා සිටිමු. නයන තරංග ගමගේ
 

More News..