brand logo

ගේල්ට කොරෝනා නෑ

26 August 2020

කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වන උසේන් බෝල්ට්ගේ උපන්දින සාදය සඳහා සහභාගී වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ ක්‍රිස් ගේල්ට කොවිඩ් ආසාදනය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිරෝධායන නීති ප්‍රකාරව ගේල් කොවිඩ් පරීක්ෂණ දෙකකට මුහුණ දිය යුතු අතර අදාළ පරීක්ෂණ දෙකම සෘණ ප්‍රතිඵල පෙන්වා තිබේ.
ගේල් සිය ‘ඉන්ස්ටග්‍රෑම්’ ගිණුමේ තම කොවිඩ් පරීක්ෂණ ලබාගත් අවස්ථාවන්හි ඡායාරූප පළකර තිබූ අතර එක් ඡායාරූපයක තමා මෙම වසරේදී නැවත කිසිම සංචාරයක් සිදු නොකරන බවට ද සඳහන් කර තිබිණි. මේ වනවිට ගේල් අයි.පී.එල්. සහභාගිත්වය සඳහා ඩුබායිවලට ලඟාවී අැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. බෝල්ට්ගේ පෙම්වතිය වන කාසි බෙනට් විසින් සංවිධානය කරන ලද බෝල්ට්ගේ උපන් දින සාදය ඉකුත් සිකුරාදා (21 වැනිදා) පවත්වා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම සාදයට එංගලන්ත පාපන්දු කණ්ඩායමේ මෙන්ම මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජයේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන රහීම් ස්ටර්ලිං ද එක්වී තිබේ. නේෂන්ස් ලීග් තරගාවලියට අයිස්ලන්තය සමග එළැඹෙන සැප්තැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත තරගය සඳහා ද රහීම් සහභාගී වීමට නියමිත බවට වාර්තා වේ. අදාළ උත්සවය සඳහා බේයර් ලිවර්කුසන්, ලියොන් බේලි යන පාපන්දු ක්‍රීඩකයන් සහ රෙගේ ගායක ක්‍රිස්ටෝපර් මාටින්ද සහභාගී වී ඇති බවට තොරතුරු පලවී ඇත. අදාළ ක්‍රීඩකයන් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති බවට වැඩිදුරටත් සඳහන් වේ.
 

More News..