brand logo

ගේල්ගේ ගැහිල්ල ගැන දිමුත් කියපු දේ

28 February 2019

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් විසින් ඊයේ සිය එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු දසදහස සම්පූර්ණ කළා. ඒ එංගලන්ත කණ්ඩායම සමග ඊයේ පැවැති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයේදීයි. ගේල් එක්දින පිටියේ ලකුණු 10000 සීමාව පසුකළ 14 වැනි ක්‍රීඩකයා ද වනවා. ක්‍රිස් ගේල් ඊයේ එංගන්තය සමග පැවැති තරගයේදී හයේ පහර 14ක් එල්ල කරනු ලැබුවා. ඒ අනුව එක්දින, ටෙස්ට් හා විස්සයි විස්ස පිටියේ ගේල් විසින් එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 500යේ සීමාව පසු කර තිබෙනවා. මෙම වාර්තා සියල්ලම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න විසින් ට්විටර් සටහනක් තබා තිබෙනවා. ගේල් මේ වයසෙදි නොනවත්වා ක්‍රීඩා කරනවා. කවුද කිව්වේ වයස සාධකයක් කියලා තරඟයට. බලන්න ඔහු එල්ල කරපු දැවැන්ත හයේ පහර 14 ගැන. මෙම තරගයේදී තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් ද සිදුව තිබෙනවා. එම විශේෂ අවස්ථා පහතින් බලන්න...
 

More News..