brand logo

ගෙදර සිටි ආසාදිතයින් පවුලේ අයට කොවිඩ් බෝකරලා

04 June 2021

නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන නොගිය කොවිඩ් ආසාදිතයන් හේතුවෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සියල්ලන් හටම කොවිඩ් ආසාදනය වීම විශාල වශයෙන් වාර්තාවන බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ආරංචි මාර්ග සඳහන් කරයි . ඒ අනුව පුද්ගලයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු එකම පවුලේ 13 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබුණි. මේ වන විට කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ 24 දෙනෙකුට කොචිඩ්‌ 19 වෛරසය ආසාදනය වී ඇත. ඒ අනුව එම ආසාදිතයන් තලවකැලේ නගරයෙන්‌ 05 දෙනෙක්‌ සහ කොටගල රොසිටා, යැදන්‌ සයිඩ් සහ සමාදානපුරම්‌ යන ප්‍රදේශවලින්‌ සෙසු අසාදිතයන්‌ වාර්තා වී තිබෙන බව කොටගල වෛද්‍ය නිලධාරී කේ සුදර්ශන් මහතා සඳහන් කර තිබේ. මේ අතර හැටන් ප්‍රදේශයේ ප්‍රජාව බොහෝ දෙනා වතු නිවාස ආශ්‍රිතව ජීවත් වන අතර නිවාස එකිනෙකට යාබදව පිහිටීම නිසා ඔවුන්ගේ පවුලවල සමාජිකයින් අතර ඉක්මණින් කොවිඩ් වෛරසය පැතිරීමේ ප්‍රවනතාවයක් පවතින බවත් ඔහු පෙන්වා දෙයි. මින් පෙර සඳහන් කළ අසාදිතයන්‌ 24 දෙනා අසාදිතයන්ගේ ආශ්‍රිතයන්‌ වු නිසා එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර තිබු අතර පසුව ඔවුන් ආසාදිත බව පි.සි.ආර්‌ පරික්ෂණ වලින් හෙළිවී ඇත.
 

More News..