brand logo

ගූගල් සෙවුමේ ජනප්‍රියතම වචනය ශ්‍රී ලංකාවයි

16 December 2019

අන්තර්ජාලයේ ගූගල් සෙවීම් මෙවලම ඔස්සේ මෙම වසරේ (2019) වැඩිම වාර ගණනක් සොයා ඇති වචනය ‘ශ්‍රී ලංකාව’ යන්න. ‘Where is Sri Lanka' යනුවෙන් ලෝකයේ වැඩිම පිරිසක් ගූගල් මගින් පරීක්ෂා කර ඇත. ඉස්ලාම් අන්තවාදීන් එල්ල කළ පාස්කු ප්‍රහාරයට පසුව මෙලෙස ශ්‍රී ලංකාව ගැන විශාල වශයෙන් ගූගල් ඔස්සේ සොයා තිබේ. Sri Lanka Bombing (ශ්‍රී ලංකාවේ බෝම්බ) Sri Lanka Bomb Attacks (ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරය) සහ Where is Sri Lanka (ශ්‍රී ලංකාව තියෙන්නේ කොහේද?) යන වදන් පසුගිය අප්‍රේල් 21 වැනිදායින් පසු ගූගල් පරිශීලකයන් නිතරම, ගූගල් සෙවීම් මෙවලමට ඇතුළත් කර ඇත. පබ්ලිස්ට් ඔෆ් ගූගල් ට්‍රෙන්ඩ්ස් නමැති සමීක්ෂණයෙන් මෙම කරුණු අනාවරණය වී තිබේ. හසිත කුරුප්පු
 

More News..