ගුවනේ පියඹා යමින් ජේසන් රෝයි රැකගත් සුපිරි උඩපන්දුව
02 February 2019
ගුවනේ පියඹා යමින් ජේසන් රෝයි රැකගත් සුපිරි උඩපන්දුව
02 February 2019
බංග්ලාදේශ ප්රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්රිකට් තරඟාවලිය මේ දිනවල ඉතාමත් උණුසුම් වෙමින් තිබෙනවා.
මෙම තරඟාවලියේ තරඟ දෙකක් ඊයේ (01) දින පැවැත් වුණා.
පළමු තරඟය කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සහ ඩකා ඩයිනමයිඩ් කණ්ඩායම අතර පැවැත් වුණා.
ඉතාමත් තියුණු සටනකින් අනතුරුව මෙම තරඟය එක් ලකුණකින් ජය ගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.
දෙවන තරඟය සිලෙත් සික්සස් සහ චිතගොං වයිකින්ග්ස් කණ්ඩයම අතර පැවැත් වුණා.
මෙම තරඟය චිතගොං කණ්ඩායම ලකුණු 29කින් පරාජයකරමින් සිලෙත් සික්සස් කණ්ඩායම ජය ගත්තා.
එම තරඟයේදී සිලෙත් සික්සස් කණ්ඩායම නියෝජන කරන එංගලන්ත ක්රීඩක ජේසන් රෝයි විසින් අති විශිෂ්ඨ උඩපන්දුවක් රැක ගැනීමට සමත් වුණා.
චිතගොං පිළිතුරු ඉනිමේ 08 වන පන්දුවාරයේදී අලෝක් කපාලී යැවූ පන්දුවකට යසීරි අලි ඉහළින් එල්ල කරන පහරක් හතරේ සීමාව ආසන්නයේදී උඩ පන්දුවක් ලෙස රැකගැනීමට ජේසන් රෝයි සමත් වෙනවා.
ගුවනේ පියඹා ගොස් ජේසන් රෝයි විසින් රැකගන්නා මෙම අති විශිෂ්ඨ උඩපන්දුව පිළිබදව මේ වනවිටත් බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්ව තිබෙනවා.
https://youtu.be/mb6AJ3tU2p4