brand logo

ගුවනින් ආ කෝටි 02 ක ” කුෂ් ”

25 November 2021

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සලයක කෝටි 02 ” කුෂ් ” ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් කීපයක් තුළ සගවා තිබූ රුපියල් කෝටි 02 ක් වටිනා ”කුෂ්” නැමැති ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු නිලධාරීන් විසින් මෙම පාර්සල් වල හිමිකරුවන්, ඒවා භාර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත නොපැමිණීම නිසා , එම ලිපිනයන් පිළිබඳව සොයා බැලීමේදී, එම ලිපිනයන් ව්‍යාජ ඒවා බව තහවුරු වී ඇත. පසුව මෙම ගුවන් තැපැල් පාර්සල් 10 විවෘත කර පරීක්ෂා කිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබූ අතර, එහිදී කිලෝ ග්රැම් 01 යි ග්රැම් 300 ක් බරැති මෙම “කුෂ්” නැමැති ගංජා තොගය ඒවා තුළ තිබී අත් අඩංගුවට ගෙන තිබුණා. මීට මාසයකට පමණ පෙර එංගලන්තය , ඇමෙරිකාව , ඉතාලිය සහ කැනඩාව යන රටවලින් කොළඹ, අහංගම, පිළියන්දල සහ මහනුවර යන ප්‍රදේශ වල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත මෙම ගුවන් තැපැල් පාර්සල් එවා තිබුණා. ඒ අනුව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබෙනවා.
 

More News..