brand logo

ගුවන් හමුදාපති වැලිකතරේ සිංහයා පිට නැගී කොටි දඩයමේ ගියහැටි

07 November 2020

යුද්ධය පැවැති කාලයේ අපට පත්තරවල ටීවිවලින් නිතර දකින්නට ලැබුණේ ගොඩබිමෙන් ගමන් කරන සේනාංකවලට අණ දෙන හමුදා නිලධාරින්ය. එනමුත් ශබ්දයේ වේගය අබිබවා යන එනම් සුපර් සොනික් ප්‍රහාරක ජෙට් යානා පදවමින් අසුරු සැණින් ගොස් බෝම්බ හෙළන නියමුවන් ගැන අසන්නට ලැබුණේ නැත. කෆිර් මිග් ප්‍රහාරක යානාවල වීර වික්‍රමාන්විත ක්‍රියා අප දුටුවද ඇසුවද ඒ යානා පැදවූ නියමුවෝ එකල කවදාවත් කරළියට ආවේ නැත. එබැවින් ඔවුන් ගැන රටුන් දන්නෙත් නැත. යුද්ධය අවසන් වී අවුරුදු එකොළහකට පසු දැන් එවැනි විරුවෙක් කරළියට පැමිණ ඇත්තේය. ඔහු එසේ මෙසේ ගුවන් නියමුවෙක් නොව වීර වික්‍රමාන්විත දස්කම්වලින් ලකඹර තනි අයිතියට ලියා ගත් වීරයෙකි. ඔහුගේ වීරත්වයට හොඳම සාක්ෂිය ඔහුගේ නිල ඇඳුමේ වම් පස එල්ලෙන වීර පදක්කම් ගොන්නය. වීර වික්‍රම විභූෂණ පදක්කම් දෙකක්ද, රණ වික්‍රම පදක්කම් දෙකක්ද, රණ ශූර පදක්කම් හතරක් ඇතුළු පදක්කම් දුසිමක් පමණ ඔහුගේ ළයට උඩින් ගරු ගාම්භීරව ප්‍රදර්ශනය වන්නේය. මෙකල ත්‍රිවිධ හමුදාවේ වැඩිම වීර පදක්කම් ගණනට උරුමකම් කියන්නේ ඔහුය. එල්.ටී.ටී.ඊ. ඉලක්කවලට වැඩිම ගණනක් බොම්බ හෙළූ ගුවන් නියමුවාත් ඔහුය. අඩි 66000ක් අහසට ජෙට් යානාවක් පැදවූ ලංකාවේ පළමු ගුවන් හමුදා නියමුවා ඔහුය. ඔහු නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණය. සුදර්ශනගේ ගම මහනුවරය. ඉස්කෝලේ මහනුවර ධර්මරාජේය. සුදර්ශනගේ පන්ති සගයෝ දෙතුන් වසරකට පෙර අපූරු වාර්තාවක් තැබුවෝය. ඒ එකම කාලයක තරු දෙකේ ජෙනරාල්ලා වෙමිනි. මේජර් ජෙනරාල්, නිර්මාල් ධර්මරත්න, මේජර් ජෙනරාල් නිශ්ශංක රණවක, මේජර් ජෙනරාල් ප්‍රසන්ත චන්ද්‍රසේකර ඇතුළු සගයෝ හතක් ඊට අයත් විය. තම පන්ති සගයන් තරු දෙකේ ජෙනරාල්ලා වන විට සුදර්ශනත් ඔවුන්ට සම නිලයේ සිටියේ එයාර් වයිස් මාර්ෂල්වරයෙක් ලෙසය. මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න යුද හමුදාවේ තෙවැනියා වන විට එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ ගුවන් හමුදාවේ දෙවැනියා විය. දෙවැනියා පළමු වැනියා වන විට ඔහුගේ පන්ති සගයෝ යුද හමුදාවෙන් ඉසිඹු ලබා සිටියෝය. සුදර්ශනගේ ගමනක ඇරැඹුමේ හැරවුම් ලක්ෂ්‍යය එල්.ටී.ටී.ඊ.ය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණි සැදැහැවතුන්ට එල්ල කළ ප්‍රහාරයය. ඒ දිනය 1985 මැයි 14 වැනිදාය. එවිට සුදර්ශනගේ වයස අවුරුදු විස්සකි......... එතැන් සිට ඔහු කියන කථාව සම්පූර්ණයෙන් දැනගන්න පහත වීඩියෝවෙන් නරඹන්න https://youtu.be/HK7tvGEJoDc තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..