brand logo

ගුවන් සේවිකා හීනය අත්හැර දමා අවුරුදු කුමාරි තරගෙට ආවා

25 January 2020

දවසින් දවස ටෙලි තිරයට අලුත් මුහුණු එකතු වෙනව' මෑතකදී එලෙස එකතු වුණ මුහුණු අතරින් අවිශ්කාට විසල් අවධානයක් හිමිවෙලා තියෙනව' රසිකයන් ඇයව අවිශ්කා උමයංගි කළුබෝවිල කියන ඇගේ සැබෑ නමට වඩා ඇයව හඳුන්වන්නෙ සංගීතේ ටෙලි නාට්‍යයේ රන්දිමා එහෙමත් නැත්නම් මල්කඩේ මිස් විදිහටයි. මේ දවස්වල හැමදෙනාගෙම අලුත්ම ආදරය වන මල්කඩේ මිස් ගේ තොරතුරු ටිකක් විමසන්න අපටත් හිතුනා. අවිශ්කා ටෙලි නිළියක් වුණේ අහම්බයකින්ද? 2018 දී මම දෙරණ අවුරුදු කුමරිය බවට පත් වෙනව. ඊට පස්සෙ මට දෙරණ නාළිකාවේ විකාශය වුණ පොහොය චිත්‍රපට හතරක රඟපාන්න ලැබුණා. පස්සෙ තමයි මට දෙරණේ ලක්සිරි සර් සංගීතේ ටෙලි නාට්‍යයේ චරිතයක් තියෙනව කරන්න කැමතිද කියලා ඇහැව්වෙ. ඉතින් මම ඒකට කැමැත්ත පළ කළා. ඒ විදිහට තමයි මම සංගීතේ හි රන්දිමා ගේ චරිතයට එන්නෙ. කලා ක්ෂේත්‍රයට එක්වෙන්න හීනයක් තිබුණෙ නැතිද? රඟපාන්න කැමැත්තක් හෝ ඒ ගැන විශේෂ හැඟීමක් තිබුණෙ නහැ. ඒ දවස්වල දෙවෙනි ඉනිමෙ ටෙලි නාට්‍ය අතරතුර අවුරුදු කුමරි තරගට අයදුම් පත් දාන්න කියල දැන්වීම් ප්‍රචාරය වෙත්දි මම අපේ අම්මගෙන් ඇහුවා මමත් අයදුම් පතක් දාන්නද කියලා. පස්සෙ අම්මම තමයි අයදුම් පතක් යොමු කළේ මටත් වඩා ඒ ගැන අම්මගෙ කැමැත්තක් තිබුණා. අවුරුදු කුමරි තරගයෙන් දිනුවට පස්සෙ ලැබුණ තෑග්ගක් තමයි දෙරණෙ විකාශය වන ටෙලි නාට්‍යයක චරිතයක් රඟපාන්න අවස්ථාව හිමිවීමත් හිටිඅඩියෙ රඟපාන්න ලැබුණම රඟපාන එක අයිශ්කාට අපහසු දෙයක් වුණාද? සංගීතේ ටෙලි නාට්‍යයට එන්න කලින් මම පොහොය ටෙලි නාට්‍යවල රඟපාල තිබුණ නිසා ලොකු අපහසුවක් වුණේ නැහැ. මුලදි කැමරාවට මුහුණ දෙත්දි තැතිගැන්මක් තිබුණා. මමත් හරියට මේ චරිතයේ ඉන්නව වගේමයි. හරියට මට ගැළපෙන චරිතය ලැබිලා තියෙනව. ඒ නිසා චරිතය කරගෙන යන්න මට ලොකු ආයාසයක් දරන්න ඕන වුණේ නැහැ. අවිශ්කාගෙ පුද්ගලික තොරතුරු මොනවද? මගේ වයස අවුරුදු 21 යි. අපේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි මමයි මම පවුලේ එකම දරුවා. අපි පදිංචි වෙලා ඉන්නෙ ගම්පහ විජය පාරේ. මම අධ්‍යාපනය ලැබුවෙ ගම්පහ යශෝධරාදේවි බාලිකා විද්‍යලයේ කලා විෂයන්ගෙන්. 2016 අවුරුද්දෙ මම උසස් පෙළ විභාගයට පෙනී හිටියා. මේ වෙත්දි අවිශ්කාගේ වෘත්තිය රංගනයද? රැකියාවක් විදිහටම මම රංගනය කරන්නෙ නැහැ. ලැබෙන වැඩ අනුව ක්ෂේත්‍රයේ රැඳී ඉන්න හිතාගෙන ඉන්නව. පාසල් කාලෙ නම් මගේ හීනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්නයි. දැන් ඒ සිහිනය ඈතකට ගිහින්ද? උසස් පෙළට මම භාෂාවන් හැදැරුවෙත් ගුවන් සේවිකාවක් වෙන්න සුදුසුකම් සපුරාගන්න හිතාගෙන තමයි. ඊට පස්සෙ මම ගුවන් සේවිකාවක් වෙන්න අයදුම් පත් දාලා සම්මුඛ පරීක්ෂණවලටත් ගිහින් හිටියෙ දෙවෙනි සම්මුඛ පරික්ෂණයට යන්න තිබුනෙ දෙරන අවුරුදු කුමරිය අවසාන තරගය තිබුණ දවසෙයි. මම සම්මුඛ පරික්ෂණයට නොයා අවුරුදු කුමරි තරගයට ආවා. රසික ප්‍රතිචාරය ඉහළයිද? ප්‍රතිචාර ගොඩක් හොඳයි. තවම මම නාට්‍යයට සම්බන්ධ වෙලා මාස එකහමාරක් වගේයි මේ මාස එකහමාරකට සෑහෙන ප්‍රතිචාර ලැබෙනව. පාරෙ යත්දි ගොඩක් දෙනා මල් මිස් කියල තමයි කතා කරන්නෙ. රවිෂ්කා රූගත කිරීම්වලට අම්ම එක්ක එන්නෙ කටකතා හැදෙන නිසාද? මගේ අම්මා හැම වෙලාවෙම මාත් එක්ක ඉන්නව. ඒක මට පහසුවක් සංගීතේ වැඩ වලට තනියම ගිහින් වැඩ කරල එනන් පුළුවන් ඉතා හොඳ කණ්ඩායමක් එතන ඉන්නෙ. ආරක්ෂාව ගැන එතන මට ප්‍රශ්නයක් නැහැ. අනික මම කටකතා හැදෙන විදිහෙ වැඩ කරන්නෙ නැහැ. මම ගාණට මගේ වැඩ කරගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා මට කටකතානම් හැදෙන එක්ක නැහැ කියල හිතනව. අවිශ්කා දැනටමත් පෙම්වතියක්ද? මට පෙම්වතෙක් ඉන්නව එයා වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් ඔහුව හමුවෙන්නෙත් කලාවට ආවට පසුවද? එයාව මට හමුවෙන්නෙ මීට අවුරුදු දෙකකට විතර කලින්. මම අවුරුදු කුමාරි වෙන්නත් ඉස්සර. සුරංජි පතිරණ  
 

More News..