brand logo

ගුවන් සේවා අටක නියෝජිතයින් මත්තලට

04 June 2020

සිය ගුවන් සේවා සමාගම් වලට අයත් ගුවන් යානා මත්තල ගුවන්   තොටුපොලට ගොඩ බැස්සවීම සදහා හා පැමිණෙන මගින් සදහා මත්තල ගුවන් තොටු පොල පරිශ්‍රය තුළ ප්‍රමාණවත් පහසුකම් තිබේද යන්න  පිළිබදව සොයා බැලීම සදහා විශේෂ දුත පිරිසක් පෙරේදා (03) වන දින  මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි බව මත්තල  ගුවන්තොටුපොල ප්‍රධාන කළමණාකරු උපුල් කලන් සුරිය මහතා පැවසිය. ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපති තුමා ඇතුළු   අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයවීමෙන් ශ්‍රි ලංකාවට ගුවන් සේවා සපයන  ගුවන් සේවා සමාගම් අටක නියෝජිතයින් මත්තල ගුවන් තොටු පොලට  පැමිණියා.ඒ අය පැමිණියේ මත්තල ගුවන්තොටු පොලේ ඇති පහසුකම්  පිළිබදව සොයා බලන්න. ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සමනසේකර මහතා මෙලෙස අදහස් දැක්විය. (නුවන් ජයසේකර- මීගහජදුර  
 

More News..