brand logo

ගුවන් යානයක පැමිණිය හැකි මගීන් සංඛ්‍යාව සීමාකෙරේ

02 May 2021

ගුවන් යානයක මෙරටට පැමිණෙන උපරිම මගීන් සංඛ්‍යාව 75 දෙනෙකු දක්වා සීමා කිරීමට තීරණය කර තිබේ. රට තුල පවත්නා කොවිඩ් -19 අවදානම හා ජාත්‍යන්තර ගුවන් යානා මඟින් මෙරටට පැමිණෙන මගීන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්යනස්ථානය විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඒ බව දැනුම් දී තිබේ. මේ අනුව එම තීරණය ඉදිරි දින 14ක කාලය සඳහා බලපැවැත්වෙන අතර හෙට (03) දිනයේ සිට පැමිණිය හැකි උපරිම මගින් සංඛ්‍යාව 75 දෙනෙකුට සීමා කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.
 

More News..