ගුවන් තොටුපල සංචාරක මාර්ගෝපදේශක රියදුරන් විපක්ෂනායක හමුවෙයි
28 May 2019
ගුවන් තොටුපල සංචාරක මාර්ගෝපදේශක රියදුරන් විපක්ෂනායක හමුවෙයි
28 May 2019
ගුවන් තොටුපල සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමයේ නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව කොළඹ 7 විජේරාම නිළ නිවසේදී ඊයේ (27) සවස හමුවිය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරය තුළ මතුව ඇති අර්බුදය ගුවන් තොටුපළ ආශ්‍රිතව සංචාරක මාර්ගෝපදේශක සේවාවේ යෙදෙන තමන් හට බලපා ඇති අන්දම ඔවූහු මෙහීදී විපක්ෂ නායක තුමන් දැනුවත් කළහ.
මේ දිනවල සංචාරකයන්ගේ පැමිණීම බෙහෙවින් පහත වැටී ඇති නිසා තම සාමාජිකයන් හට ලීසිං වාරික, ගුවන් තොටුපලේ මාසික ගාස්තු ආදිය ගෙවාගත නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවත් ඔවූහු මෙහීදී පැවසීය.
එම සංගමයේ සාමාජිකයන් ඉදිරිපත් කල කරුණු සම්බන්ධයෙන් රජයේ අවදානය යොමු කිරීමට පියවර ගන්නා බව විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කළේය.