brand logo

ගුවන් තොටුපලේ 1500කට කොවිඩ් මර්ධන එන්නත්

21 February 2021

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවය කරන සේවකයින් සහ නිලධාරීන් 1500 දෙනෙකුට අද (21) වන විට එන්නත් කරණය කර තිබෙනවා. මේ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අලෙවි කළමනාකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතා සඳහන් කර ඇත. ඒ අනුව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ විවිධ ක්ෂේත්‍ර වල සේවය කරන සේවකයින්, ආරක්ෂක රාජකාරීවල නිරත වී සිටින ශ්‍රී ලංකා යුධ හමුදා , ගුවන් හමුදා , පොලිස් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු , ආගමන විගමන දෙපාර්තමේන්තු , ශ්‍රී ලංකා රේගු , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ , ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ නියැලී සිටින නිලධාරීන් සහ සේවක පිරිස් වෙත එන්නත ලබාදීම සිදුකර තිබේ. පසුගිය 17දා එන්නත් ක්‍රියාවලිය අරඹා ඇති අතර ඉතිරි සේවකයින් සහ නිලධාරීන් වෙත ඉදිරි දින වලදීත් මෙම කොරෝනා මර්දන එන්නත් ලබා දීමට නියමිතයි.
 

More News..