brand logo

ගුවන් ටිකට් දෙන බව පවසා මුදල් ගැරූ අයෙක් සොයා විමර්ශන

10 January 2021

අන්තර්ජාලය ඔස්සේ ගුවන් ප්‍රවේශපත් ලබාදෙන බව සඳහන් කරමින් මූල්‍ය වංචාවක් සිදු කළ අයකු අත්අඩංගුවට ගැනීමට මාතර මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන අරඹා ඇත. මුහුණු පොතේ රඛිත හේමවර්ධන නමින් පෙනී සිටින මෙම පුද්ගලයා පිළිබඳ පොලිස් ස්ථාන රැසකට පැමිණිලි ලැබී තිබේ. ඔහු විසින් මෙරට ප්‍රසිද්ධ ගුවන් ප්‍රවේශපත් විකිණීමේ ආයතනයක නාමය ද භාවිත කර ඇතැයි අනාවරණය වී ඇත.ගුවන් ප්‍රවේශපත් ලබාදෙන බව පවසා හිටපු ඇමැතිවරයාගේ පුතකුගෙන්ද සැකකරු මුදල් වංචා කර තිබේ. හිටපු අමාත්‍යවරයකුගේ ලේකම්වරයකු ලෙස කටයුතු කළ මෙම සැකකරුගේ පියාද, සොයුරා සහ සොයුරියද මෙම ජාවාරමට හවුල් වී ඇතැයි විමර්ශනවලදී තහවුරු වී ඇත. සිය සොයුරිය සේවය කළ මූල්‍ය ආයතනයකට ගෙවීම් කරන ලෙස සැකකරු විසින් විදේශයන්වල සිට ප්‍රවේශපත් ඇණවුම් කරන්නන්ට දන්වා ඇතැයිද අනාවරණය වී ඇත. සැකකරු විසින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ හතක මුදලක් මෙලෙස වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත්ගේ අධීක්ෂණයෙන් විමර්ශන ආරම්භ කර ඇත. හේමන්ත ලියනපතිරණ
 

More News..