brand logo

ගුවන් අනතුරින් මියගිය බව කී සුරූපි නිරූපිකාව සමාජ මාධ්‍ය තුල පතුරු ගසයි

27 May 2020

පාකිස්තානයේ පසුගියදා සිදුවු ගුවන් අනතුරින් මියගිය බව කියන ජනප්‍රිය නිරූපිකාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහට ලක්ව තිඛේ. ඇය දුරාචාර ජීවිතයක් ගත කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි දෝෂ දර්ශනයට ද ලක්ව ඇත. සාරා ආබිඩ් නැමති මෙම නිරූපිකාව සම්බන්ධයෙන් පලවන විවේචන හේතුවෙන් ඇයගේ සමාජ මාධ්‍ය සියල්ල ද අක්‍රීය කර තිඛේ. ගතානුගතික පාකිස්තාන සමාජයේ කාන්තාවන් පසුගාමීව ක්‍රියාකිරීම අපේක්ෂා කරන අතර මහජනතාවගේ අවධානයට ලක්වන බොහෝ දෙනෙකු සමාජ මාධ්‍යවල 'සදාචාරත්මක පරීක්ෂාවන්ට' ලක්වේ. පාකිස්තානයේ විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාම කිහිපයක් සමග එක්ව කටයුතු කළ සාරා ආබිඩ්, මෙම වසරේ ජනවාරි මාසයේදී හම් ස්ටයිල් සම්මාන උළෙලේ (Hum Style Awards) හොඳ ම නිරූපිකාව ලෙස සම්මාන ලැබීය. ප්‍රමුඛ පෙළේ මෝස්තර නිර්මාණකරුවෝ ඇයගේ වෘත්තීයභාවයට සහ නිරූපණ හැකියාවට ගෞරව දැක්වූහ. ඇය මෙම වසරේ අග භාගයේදී පළමු වරට රංගනයට ප්‍රවේශ වීමට අපේක්ෂාවෙන් පසුවූවාය. අනතුරට ලක්වූ ගුවන් යානයේ ඇය සිටි බවට ප්‍රවෘත්ති පළ වීමත් සමග, ආගමික රැඩිකල් මතධාරීහු ඇය ඉස්ලාම් ආගම කෙරෙහි දැක්වූ විශ්වාසය සහ ආගම ඇදහූ ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කරන්නට වූහ. එසේ පළවූ බොහෝ අදහස් අතර සඳහන් වූයේ, ඇය ගත කළ ජීවිතය අනුව මරණින් පසු දඬුවම් ලැබෙනු ඇති බවය. බී බී සී සිංහල සේවය ඇසුරිනි  
 

More News..