ගුවන්තොටුපොළ ආරක්ෂාවට අමතර ආරක්ෂක පියවර රැසක්
10 May 2019
ගුවන්තොටුපොළ ආරක්ෂාවට අමතර ආරක්ෂක පියවර රැසක්
10 May 2019
ගුවන්තොටුපොලෙහි ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තර කිරීම සඳහා අමතර ආරක්ෂක පියවර රැසක් ගෙන ඇතැයි ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති දම්මික රණතුංග පවසයි.
කෙසේනමුත් එම අමතර ආරක්ෂක පියවර හේතුවෙන් ගුවන් මෙහෙයුම්වලට කිසිඳු ආකාරයක බාධාවක් සිදුව නැතැයිද සභාපති දම්මික රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දුන්නේ පසුගිය 21 වැනිදා සිට මේ දක්වා සෑම ගුමන් ගමනක්ම නියමිත පරිදි පිටත්ව ගිය බවත් සෑම ගුවන් ගමනක්ම නියමිත පරිදි ගුවන්තොටුපොළට ළඟා වූ බවත්ය. ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගෙන යාමට ගුවන් මගීන්ගේ සහ ගුවන්තොටුපොළ පරිහරණය කරන සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය බවද ඔහු කියා සිටියේය. ඒ අද (10) ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
“මේ වගේ සිද්ධි වුණාම අපිට විවිධ තීරණ ගන්න වෙනවා. එවැනි අවස්ථාවලදී හැම තිස්සේම ගුවන්තොටුපල පාවිච්චි කරන මගීයාගේ පහසුව 100කින්ම සැලසුම් කරන්න බැරිවන අවස්ථා තියෙනවා. එතනදි අපි ඉවසීමෙන් කටයුතු කරන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපි කටයුතු කරන්නේ සියලුම ආරක්ෂක අංශ සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ දැනුම ලබා ගෙන. ඒ ආරක්ෂක අංශ පැය 24ම වැඩ කරන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට උදේට එනකොට ඔවුන්ගේ මුහුණේ තියෙන වෙහෙස අපට දකින්න පුළුවන්. ඔවුන් සියලු දෙනාගේම ප්‍රමුඛතාව වෙලා තියෙන්නේ මේ ආයතනයේත් මේ ආයතනය භාවිතා කරන ගුවන් මගීන්ගේත් ආරක්ෂාව. පහසුකම එන්නේ දෙවැනියට. සිවිල් ආයතනයක් වශයෙන් මේ අවස්ථාවේ අපිට තියෙන වගකීම් දෙකෙන් ප්‍රමුඛත්වය ගන්නවා ආරක්ෂා. දෙවනුව පහසුකම් සලසා දීම. මේ වගේ අවස්ථාවල මේ අතර සමබරතාවයක් පවත්වාගන්න අපහසුයි. ඒ නිසා යම් අපහසුතාවක් වෙනවා නම් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා...” යිද දම්මික රණතුංග සභාතිතුමා පැවසීය.