brand logo

ගුවන්තොටුපළ හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ සාකච්ඡා සාර්ථකයි

08 December 2020

ගුවන් තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර පැවති සාකච්ඡා 90%කින් සාර්ථක බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇමති මණ්ඩලයට දැනුම් දී ඇත. ඒ අනුව ගුවන් තොටුපළ විවෘත කර සංචාරකයන්ට රට විවෘත කරන දිනය ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා ඊයේ (07) පැවැති ඇමති මණ්ඩල රැස්වීමේදී දැනුම් දී තිබේ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමති මණ්ඩල රැස්වීම පැවැත් වුන අතර, එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් මත නිසි ක්‍රමවේදයන් අනුව සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීමට එකගතාවය පල කරන බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග තමන් සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා හදුනාගත් ප්‍රදේශවලට සංචාරකයන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයන් අනුගමනය කිරීම (Travel bubbles) සුදුසු යැයි කීවේය.
 

More News..