brand logo

ගුරු - විදුහල්පතිවරු ලෙඩවීම සාර්ථකයි - ලංකා ගුරු සංගමය

13 March 2019

ඉල්ලීම් තුනක් මුල්කොට ගෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති 17ක් ඇතුළු වෘත්තීය සමිති 30ක් සංවිධානය කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පවසයි. අරුණ පුවත්පත කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ගුරුවරු 241,000කට අධික පිරිසක් සහ විදුහල්පතිවරු 15,000ක් සහභාගි වූ බවය. එමෙන්ම අද දිනයේ පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් පාසල් වෙත නොපැමිණි බවද ජෝසප් ස්ටාලි මහතා පවසයි. වැටුප් විෂමතා ඉවත් කර ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, ගුරුවරුන්ට බලපෑම් කරමින් සිදු කරවන කොළ පිරවීම් හා වාර්තා සකස් කිරීඹ් ඇතුළු පීඩාකාරී කටයුතු වහා නතර කිරීම, අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම යන ප්‍රධාන ඉල්ලීම් තුන වේ. මෙම ඉල්ලීම් ඇතුළත් ලිපියක් අද අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත යොමු කළ අතර, ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනු බවද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා සදහන් කළේය.
 

More News..