ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කිරීමට පියවර
05 December 2019
ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කිරීමට පියවර
05 December 2019
දැනට ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (05) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
දැනට ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කරලා, ඩිප්ලෝමා ලබාදෙන ක්‍රමවේදය වෙනස් කර, සියලු ගුරුවරු උපාධිධාරී ගුරුවරු බවට පත් කරන දැවැන්ත පරිවර්තන තීන්දුවක් කැබිනට් මණ්ඩලය විසින් ගත් බව අමාත්‍යවරයා පැවසීය.
ඉගැනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ඉතා වැදගත් සාධකය වන්නේ ගුරුතුමා සහ ගුරුතුමියයි.පුහුණු ගුරුවරු ඇති කිරීමට මෙතෙක් කළ ක්‍රියා පිළිවෙත වූයේ උසස් පෙළ සමත් දරුවන්ගේ ඉසඩ් ලකුණු පදනම් කරගෙන කොටසක් විශ්වවිද්‍යාලවලට සහ තව කොටසක් විද්‍යා පීඨවලට ගන්නවා.විද්‍යාපීඨවල අයට ලැබෙන්නේ ඩිප්ලොමාවක් පමණයි.
වැටුප් හා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳව විෂමතාවක් මින් ඇති වෙනවා. මෙම වැඩපිළිවෙල කෙටි කාලයක දී සකස් කිරීම සඳහා අධ්‍යාපන විශේෂඥයින් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙනවා යැයි අමාත්‍යවරයා කීය.
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇත. මෙය අධ්‍යාපන ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය වන බවද අමාත්‍යවරයා පැවසීය.