brand logo

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ජුලි 18 සහ 19 ලෙඩ වෙයි

11 July 2019

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ජුලි මස 18 සහ 19 අසනීප නිවාඩු වාර්තා කර පාසල් වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසයි. එහි සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ඊයේ (10) උතුරු මැද හිටපු මහ ඇමති රංජිත් සමරකොන් මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය. වැටුප් විෂමතා ඉවත් නොකිරීම,අධ්‍යාපනය සඳහා පොරොන්දු වූ පරිදි සියයට හයක මුදලක් වෙන් නොකිරීම,2016 වසරේ සිට ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව සහ ඉගැන්වීමේ ක්‍රියාවලියට අමතරව ගුරුවරුන් ලවා සිදුකරන අනවශ්‍ය කොළ පිරවීමට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනිය පැවසුවේය.
 

More News..