brand logo

ගුණාත්මක බවින් හා ඉහළ ප්‍රමිතියෙන් යුත් Hicare Hand Sanitizer නිෂ්පාදන පෙළ දැන් වෙළෙඳපොළේ

02 June 2020

Covid -19 වසංගත තත්වය සමග ලොව පුරා ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයේ සුවිශාල වෙනස්කම් සිදුවෙමින් පවතී. මෙම තත්වය හමුවේ වෛරසය බෝවීම පාලනය සඳහා අයිසොප්‍රොෆිල් ඇල්කොහොල් 75% ක් අඩංගු විෂබීජ නාශක දියර මගින් දෑත් නිරතුරුව පිරිසිදුව තබා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි. ඒ අනුව දිවයිනේ ප්‍රමුඛතම ඖෂධ හා රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් වන Hicare Pharma පෞද්ගලික සමාගම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඉතා උසස් තත්ත්වයේ විශබීජ නාෂක දියර ලෙස Hicare Hand Sanitizer ලෙස වෙළෙඳපළට හඳුන්වා දී ඇත. වර්තමානයේ පවතින තත්වය හමුවේ බොහෝ නිෂ්පාදන වෙළෙඳපළේ ඇති නමුත් ඒවායේ ගුණාත්මක බව ගැන නොයෙකුත් ගැටලු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක ඒකකයේ අධ්‍යක්‍ෂ අමිත පෙරේරා මහතා පවසන අතර ඔවුන්ගේ නිර්දේශය වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි, ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදනයක් හැමවිටම භාවිත කරන ලෙසයි. මෙවැනි හේතූන් මත ජාතික ඖෂධ හා නියාමන අධිකාරියේ ලියාපදිංචි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිවිතරයන්ට අනුව ඉතා ඉහළ තත්ත්ව පාලනයක් යටතේ නිපදවනු ලබන Hicare Hand Sanitizer ශ්‍රී ලාංකිකයන් හට විශ්වාසයෙන් භාවිත කළ හැකි බවට එම සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ තරංග ලංකා වීරවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ Hicare Hand Sanitizer මගින් විෂබීජ 99.99% විනාශා වන බව රසායනාගාර පරීක්‍ෂණ මගින්ද තහවුරු කර ඇති බවයි. පාරිභෝගිකයන්ට පහසුවන ආකාරයට විෂබීජ නාශක (Sanitizer) ජෙල් හා දියර යන නිෂ්පාදන දෙවර්ගයෙන්ම ලබා ගත හැකි අතර ඒවා, 50ml, 100ml, 200ml යන පරිමාවන් ලෙස පෞද්ගලික පරිහරණය සඳහාත්, 500ml, 1L, 2L, 5L යන පරිමාවන් ලෙස වෙළෙඳ හා කර්මාන්ත ශාලාවල අවශ්‍යතාවය සඳහාද ලබා ගත හැක. ගුණාත්මක බව, දේශීය බව මෙන්ම සමාජ සුභසාධනය සඳහා Hicare Pharma පෞද්ගලික සමාගම නිරතුරුවම ක්‍රියා කරන අතර එහි එක් පියවරක් ලෙස බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත අවශ්‍යව තිබූ විෂබීජ හරණ දියර තොගයක්ද එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂතුමා වෙත පරිත්‍යාග කිරීම පසුගියදා Hicare Pharma පෞද්ගලික සමාගම විසින් සිදු කරන ලදී.
 

More News..