brand logo

ගිරිතලේගම විදුහලේ සිසුන් 450ක් නිරෝධායනයට

01 August 2020

පොලොන්නරුව ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 450 දෙනෙකු ගුරුවරුන් 82ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 07 දෙනකු ස්වයං නිරොදායනයට ලක්කර තිබේ. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයා සමඟ සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ එම විද්‍යාලයේ ගුරුවරයෙකු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. එම ගුරුවරයා ද මේ වන විට ස්වයං නිරොදායන ට ලක් කර ඇති අතර ඔහු පසුගිය දිනවල එම පාසලේ ඉගැන්වීම් කටයුතුවල යෙදීම නිසා මෙම පියවර ගෙන තිබේ.
 

More News..