brand logo

ගිය වසරේ ගංවතුරට හසුවූ නිවාසවලට මෙතෙක් වන්දි නැහැ

15 August 2019

පසුගිය වසරේ මැයි මාසයේ හදිසියේ ඇතිවූ වැසි තත්ත්වය නිසා සිදු වූ ජල ගැලීම් හේතුවෙන් දිස්ත්‍රික්ක විසි දෙකක නිවාස 186කට පූර්ණ හානි සිදුව ඇත. තවත් නිවාස දසදහස් හත්සිය අටකට හානි සිදුව ඇතත් ඒ සඳහා මෙතෙක් වන්දි මුදල් ලැබී නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් දිස්ත්‍රික්ක දහයක නිවාස 137කට වැඩිම හානි සිදුව ඇති අතර එහි අර්ධ හානි සිදුව ඇති නිවාස ගණන 9905කි. ඉන්ද වැඩිම හානි සිදුව ඇත්තේ පුත්තලමේ නිවාසවලටය. එම නිවාස ගණන 89කි. වැඩිම අර්ධ හානි සිදුව ඇත්තේ ගම්පහ වන අතර, එම නිවාස ගණන 3350කි. රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු පැවසුවේ වන්දි නොලද පවුල් සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල් ලැබුණු පසුව ගෙවන බවයි. හානි වූ නිවාස දිස්ත්‍රික්කය පූර්ණ හානි       අර්ධ හානි 1. මහනුවර       7                                 187 2. ගාල්ල            10                               247 3. රත්නපුර      19                               610 4. නුවරඑළිය   10                                333 5. කෑගල්ල        6                                 905 6. කළුතර         11                                327 7. ගම්පහ          9                               3350 8. පුත්තලම      59                             1069 9. කොළඹ         1                               2742 10. මාතර          5                                  135 137                             9905 චමින්ද සේනාරත්න
 

More News..