brand logo

ගිය මාස දෙකේ 56000ක් පාස්පෝට් අරගෙන

25 September 2021

පාස්පෝට් ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්

මෙම වසරේදී පසුවූ මාස දෙකකට පමණක් පුද්ගලයන් පනස්හයදහස් හාරසිය හයදෙනෙකු (56406) අලුතින් ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. මෙම වසරේදී පසුවූ මාස දෙකකට පමණක් පුද්ගලයන් පනස්හයදහස් හාරසිය හයදෙනෙකු (56406) අලුතින් ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. ජූලි මාසයේදී 27326 දෙනෙකු ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ඇත. එම මාසයේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර 26ක් හා රාජකාරි ගමන් බලපත්‍ර 57ක් නිකුත් කර ඇත. අගෝස්තු මාසයේදී සියලු රටවල් සඳහා ගමන් බලපත්‍ර 28903ක්, රාජකාරි ගමන් බලපත්‍ර 44ක් හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර 50ක් අලුතින් නිකුත් කර තිබේ. මෙම වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසයේ 31 දක්වා සියලු රටවල් සඳහා ගමන් බලපත්‍ර එක්ලක්ෂ හැටඑක්දහස් අටසිය විස්සක් (161,820) රාජකාරි ගමන් බලපත්‍ර 625ක් හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර 220ක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත. පසුගිය 2020 වසරටම සියලු රටවල් සඳහා බලපත්‍ර දෙලක්ෂ හාරදහස් අසූ එකක් (204081) රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍ර 175ක් හා රාජකාරි ගමන් බලපත්‍ර 404ක් නිකුත් කර තිබේ. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..