brand logo

ගිය පයින් මනූෂ නැවතත් එයි

06 November 2018

නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. පසුගිය නොවැම්බර් මස 1 වන දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දෙනු ලැබීය. පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ඇති වු දේශපාලන වාතාවරණය දෙස අවදානය යොමු කිරීමේ දී,  ඇති වු ප්‍රජාතන්ත්‍ර විරෝධි සහ යහපාලන මුලධර්මවලට පටහැනි පත්වීම්වලට තමාට එකඟතාවය පල කිරීම අසීරු බව ද මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි. ඒ අනුව තමාගේ නියෝජ්‍ය අමාත්‍යධූරය අත්හැරීමට තීරණය කර කළ බව නානායක්කාර මහතා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම වී ඇත්තේ පැරණි පාලන ක්‍රමය වන බවත්, එවැනි අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පුද්ගලයෙක් වශයෙන් මෙම තනතුරේ වැඩ කිරීම අසීරු බව ඔහු සඳහන් කරයි. මේ නිසා හෙට දවසේ සිට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන සටන දියත් කරන බව ද ඔහු වැඩිදුරටත් පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙය පළමු වරට කියා සිටි අතර, මනූෂ නානායක්කාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිය ධූරයෙන් ඉවත් වීම ගැන දැනුවත් කරමින් ලිපියක් යොමු කර තිබේ.
 

More News..