brand logo

ගිනි ගත් නැව ආශ්‍රිත මුහුදේ ඇති පැල්ලම ඩීසල් නෙවෙයි

09 September 2020

“MT New Diamond“නෞකාවේ සිට කිලෝමීටර 04 ක් පමණ දුරට පැතිර ඇති ඉන්ධන පැල්ලම ඩීසල් නොවන තාර වැනි ඝන තෙල් විශේෂයක් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අද (09) නීතිපතිවරයා වෙත දැනුම් දී තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ අදාළ ඉන්ධන වර්ගය තහවුරු කරගැනීම සඳහා පර්යේෂණාගාර වාර්තාවක් ලබාගැනීමට නියමිත බවයි. ඊයේ(08) මතුව තිබූ ඉන්ධන පැල්ලම රසායනික ද්‍රව්‍ය යොදා විනාශ කර දැමීමට පියවර ගත් අතර කිමිඳුම්කරුවන් අදාළ ඉන්ධන පැල්ලම් සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඒවා නෞකාව සඳහා භාවිත කරනු ලබන ඉන්ධන බවට අනාවරණය වී ඇති බව සඳහන් වේ.
 

More News..