brand logo

ගිනි ගත් නැවේ තෙල් කාන්දු වනවා ද සොයා බැලේ

03 June 2021

නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අදාළ මුහුදු ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ. 9 දෙනෙකුගෙන් යුත් කිමිදුම් කණ්ඩායමක් මෙලෙස පිටත්ව ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කරයි. මෙම කිමිදුම් කණ්ඩායමේ ප්‍රධාන අරමුණ නෞකාවේ බඳෙහි කිසියම් පිපිරීමක් හෝ තෙල් කාන්දු තත්ත්වයක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම වේ. කෙසේවෙතත් නෞකාවෙන් මේ දක්වාත් කිසිදු තෙල් කාන්දුවක් සිදුව නොමැති බව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය පවසයි. මෙම නෞකාවේ ඉන්ධන මෙට්‍රික්ටොන් 300 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව සඳහන් වේ. පවතින තත්ත්වය හමුවේ කිසියම් ආකාරයකට තෙල් කාන්දු තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එම කාර්යාලය සඳහන් කරයි.
 

More News..