brand logo

ගිනි ගත් නැවෙන් සංචාරක කර්මාන්තයට බලපෑම්

12 June 2021

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය හේතුවෙන් සංචාරක කර්මාන්තයට බලපෑම් ඇති වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. සංචාරක කලාප 15 න් 8 ක්ම පිහිටා තිබෙන්නේ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන කලාපය තුළ බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි. අපගේ සංචාරක කටයුතු බොහෝමයක් සිදුවන්නේ මුහුදු වෙරළ පරිසරය, ජෛව විවිධත්වය ආශ්‍රිතව වන බැවින් සහ විදේශිකයින් අතර බොහෝ ජනප්‍රිය මුහුද ආශ්‍රිත ආහාරවන ඉස්සෝ, දැල්ලෝ, කකුළුවන් පිළිබ ද යම් ගැටලු ඇතිවිය හැකි බව එතුමිය සඳහන් කරයි. ගිනි ගැනීමට ලක්වූ නැවෙන් මත්ස්‍ය සහ මුහුද ආශ්‍රිත ආහාරවලට කොතරම් බලපෑමක් සිදුව ඇද්ද යන්න පිළිබඳව මේ වනවිට නිශ්චිතව සඳහන් කළ නොහැකි බව ද එතුමිය වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..