brand logo

ගිනි අවි උණ්ඩ සමග රාත්‍රී සමාජ ශාලා ආරක්ෂකයෙකු අත්අඩංගුවට

31 July 2020

විවිධ ගිනි අවි වලට යොදන උණ්ඩ සහ කඩු කිනිසි සමග රාත්‍රී සමාජ ශාලාවක බවුන්සර්වරයෙකු කිරුලපනදී කොළඹ දකුණ කොට්ඨශ දුෂණ මර්දන ඒකකය විසින් අද අත්අඩංගුවට ගෙන තිඛේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 24 හැවිරිදි කිරුළපන කොළඹගේ මාවතේ 7 වන පටුමගෙහි පදිංචිකරුවෙකි. සැකකරු සතුව තිබී ටී 56 උණ්ඩ 8 ක් ත්‍රී 8 වර්ගයේ උණ්ඩ 8 ක් මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 3 ක් මයික්‍රෝ පිස්තෝලවලට යොදන උණ්ඩ 2 ක් ඒ කේ 47 බයිනෙත්තුවක් රම්බෝ පිහියක් කඩු 2 ක් සොයාගෙන තිඛේ. අගල් 3 ක් පළල අගල් 28 ක් දිග කඩුව ඉන්දියානු චිත්‍රපටවල ජවනිකා සඳහා යොදා ගන්නා කඩුවක් ලෙස සකසා තිබී ඇත. පිටිපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ගිනි අවි ප්‍රවාහණය කළ බවට සැලකෙන පුද්ගලයාගෙන් ලද තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. උණ්ඩවලට අමතරව අයිස් නැමති මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරිමට යොදා ගන්නා පැකට් රැසක් ද පොලිසිය විසින් සොයාගෙන තිඛේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක යු අයි ගිනිගේ විසින් මෙම සැකකරු සතුව ගිනි අවි තිඛේදැයි සෙවීමට විමර්ශන සිදුකරනු ලබයි. හේමන්ත ලියනපතිරණ
 

More News..