brand logo

ගිනි අවියක් සමඟ පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

14 January 2020

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ කිරිඳවැල ප්‍රදේශයේදී පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයා සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන ඇති අතර එම සැකකරු කිරිඳිවැල, මයිලවලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හංවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
 

More News..