brand logo

ගිනිගත් නැව අයත් සමාගමෙන් සම්පූර්ණ වන්දිය ගෙවීමට එකඟත්වය

26 September 2020

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන අනතුරට ලක්වූ MT New Diamond නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ඉතා ඉක්මනින් ලබාදීමට එම සමාගම එකඟතාව පළ කර තිබේ. මේ සම්බන්ධයෙන් නෞකාවේ හිමිකාර සමාගමේ නීතීඥවරුන් දැනුම්දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අතර පසුව අවසන් ඇස්තමේන්තුව ලෙස පසුගියදා තවත් මිලියන සියයක්ද ඇතුළත්ව රුපියල් මිලියන 442 ක වන්දි මුදලක් ප්‍රකාශ කළේය.
 

More News..