brand logo

ගිනිගත්හේන නගරයේ වෙළදසැලක් තුලට පස් කන්දක් කඩාවැටෙයි - වෙළදසැල් හතක් ඉවත් කරයි

13 August 2019

ගිනිගත්හේන නගරයේ වෙලදසැලක් තුලට පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් වෙළදසැල් හතක් ඉවත් කිරිමට අඹගමුව ප්‍රාදේශිය සභාව කටයුතු කරයි. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන නගරයේ වෙළදසැල් හතක් නායයමේ අවධානමක් හේතුවෙන් එම වෙලදසැල් වල වෙලදසැල් හිමියන් සහ සේවකයන් අද (13) ඉවත් කිරිමට පියවර ගත් බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසිය. ගිනිගත්හේන නගරයේ කොළඹ මාර්ගයේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මුද්‍රණාලයක් තුලට අද පස් කන්දක් කඩා වැටිමෙන් එම මුද්‍රණාලය සහ ඊට පහල මහලේ වු ඖෂධ වෙලදසැලක සේවකයින් ඉවත් කිරිමට පියවර ගත් බවයි සභාපතිවරයා කියා සිටියේ. ගිනිගත්හේන නගරයේ මිට ප්‍රථම නාය ගිය සහ නායයමේ අවධානමට ලක් වි ඇති වෙලදසැල් 42 කට අමතරව තවත් වෙලදසැල් පහක් නායයමේ අවධනමක් මතු වි ඇති නිසා එම පිරිසද ඉවත් කිරිමට පියවර ගත් බවයි සභාපතිවරයා කියා සිටියේ. ගිනිගත්හේන ප්‍රදේශයට ඊයේ (12) රාත්‍රියේ සිට තවදුරටත් තද වැසි ලැබෙමින් පවතින බවත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ කදු මුදුණේ සිට විශාල ජලධාරිතාවක් පහලට පස් සමග ගලා එන නිසා එම මාර්ගයේ නායයාමේ දැඩි අවධානමක් පවතින නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය නොකර විකල්ප මාර්ග ඔස්සේ රථ වාහන ධාවනය කරවන ලෙස අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඉල්ලා සිටියි. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..